FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්ෂණ 65,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 65,000 ඉක්මවා තිබේ.

ඊයේ (31) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1420 කි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 65,355 ලෙස පවතින්නේ.

මේ අතර ගුවන් තොටුපළේදීම පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට ඇති හැකියාව විමසා බැලීම සඳහා සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු අද කටුනායක ගුවන් තොටුපළේ නිරීක්ෂණයකට සහභාගීවීමට නියමිතයි.