FAST NEWS

24×7 Around the Globe

අද ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (30) පස්වරුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණ පළාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීමත් සමගයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එසේම, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මිට අමතරව, ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වාත්, පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70 – 80 ත් දක්වා තාවකාලිකව තද සුළං ඇතිවිය හැක.