FAST NEWS

24×7 Around the Globe

මැයි මාසයේ උද්ධමනය පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ උද්ධමනය 1.2ක පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

ඒ අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 4 ක් වන අතර අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 5.2 ක් වෙයි.

මහ බැංකුව පවසන්නේ මැයි මාසයේ පැවති ඉහල පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම උද්ධමනය අඩු වීම සඳහා පූර්ණ වශයෙන් දායක වී ඇති බවයි.

ආහාර ඛාණ්ඩයේ ලක්ෂමය උද්ධමනය අප්‍රේල් මාසයේ සියයට 13.2ක්ව පැවති අතර එය මැයි මාසයේ සියයට 9.9 දක්වා පහල ගොස් තිබේ.

මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ ආහාර නොවන ඛාණ්ඩයේ ලක්ෂමය උද්ධමනය අප්‍රේල් මාසයේ සියයට 2.1 පැවති අතර එය මැයි මාසයේ සියයට 1.6 දක්වා පහල ගොස් ඇති බවයි.