FAST NEWS

24×7 Around the Globe

දෙමළ සන්ධානය යළි ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට අවධානය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙමළ ජාතික සන්ධානය රජය සමග යළි සාකච්ඡා කිරීම පිළිබඳ අවධානය යොමුව තිබේ.

ඊයේ (29) නායක ආර්. සම්බන්ධන්ගේ නිවසේ දී දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වුනු අතර ඒ පිළිබඳ අදහස් හුවමාරු වූ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සඳහන් කරයි.