FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය මාර්තු මස 20 වනදා සිට මේ දක්වා කාලය තුල ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 66,835 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ කාලය තුළ වාහන සංඛ්‍යාව 18,831ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 173 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ කාලය තුළ වාහන 53ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මිට අමතරව, දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී නිරෝධායන පනත උල්ලංඝනය කළ පුද්ගලයින් 132 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පසුගිය 26 වන දා සිට නිරෝධායන පනත උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 912ක් බවයි.