FAST NEWS

24×7 Around the Globe

ඇමති තොණ්ඩමන්ගේ අවසන් කටයුතු හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (31) රාජ්‍ය ගෞරව සහිතව හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.

ඊයේ (29) කොළඹ සිට ගුවන් මඟින් රැගෙන ගිය දේහය මේ වන විට කොත්මලේ, රම්බොඩ, වැවන්ටන් වත්තේ සිය නිවසේ තැන්පත් කර තිබේ.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින් සහ වතුකරයේ ජනතාව විශාල වශයෙන් පැමිණ ඇති බවට වාර්තා වේ.