FAST NEWS

24×7 Around the Globe

අද සිට වැඩි මිලට සහල් අලෙවි කරන්නන් සොයා වැටලීම් අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (29) සිට වැඩි මිලට සහල් අලෙවි කරන තොග සහ සිල්ලර වෙළඳුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කළේ ඊයේ සිට සහල් සඳහා නව පාලන මිලක් හඳුන්වා දුන්නත්, වැඩි මිලට ඇතැම් වෙළඳුන් සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අවදානය යොමු කර මෙලෙස වැටලීම් සිදුකිරීමට තීරණය කර ඇති බවයි.