FAST NEWS

24×7 Around the Globe

සජිත් ප්‍රේමදාස ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජනබලවේගයෙන් නාම යෝජනා ලබාදුන් සජිත් ප්‍රේමදාස ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගනු ලැබූ තීරණය එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (29) ඒකමතිකව අනුමත කළේය.


එමෙන්ම, සජිත් ප්‍රේමදාස දැරූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරය, ආසන සංවිධායක ධුරය මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ද ඒ අනුව අහිමි වනවා.

එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් නීතිඥ නිශ්ශංක නානායක්කාර සඳහන් කළේ සමගි ජන බලවේගයට එක්වූ සෙසු පිරිසගේ ද පක්ෂ, තනතුරු ඇතුළු වගකීම් අහෝසි වන බවයි.