FAST NEWS

24×7 Around the Globe

ගුරු සමීක්ෂණ සදහා අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුරු සමීක්ෂණ සදහා අයදුම්පත් යොමු කිරීමේ කාලය ජූනි 07 වනදා තෙක් දීර්ඝ කර තිබේ.

මෙම සමීක්ෂණයෙන් විමසා බැලෙන්නේ රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන් ඔවුන් වඩාත් කැමති ස්ථාන හා ඉගැන්විමට සුදුසු විෂයන් පිළිබදවයි.

මෙම සමීක්ෂණයට අදාල තොරතුරු අධ්‍යාපන අමාතයාංශයේ නිළ වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර ජූනි 07 වනදා ලෙස දක්වා ඇති අවසන් දිනය යළි දීර්ඝ කිරීමක් සිදු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.