FAST NEWS

24×7 Around the Globe

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (30) උදෑසන 9.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය රැගෙන යන නල මාර්ගයක සිදුකෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ – 02, 03,07,08,09,10 යන ප්‍රදේශවලටයි.

ඊට අමතරව කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇති.