FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 66,662  දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිසිය පැවසුවේ පසුගිය මාර්තු 20 වනදා සිට අද අලුයම 4 දක්වා කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 18,778 ක් බවයි.

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පැය 6ක කාලය තුළ එය උල්ලංඝනය කළ පුද්ගලයින් 143 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ කාලය තුළ වාහන 45 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර, දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී නිරෝධායන පනත උල්ලංඝනය කළ පුද්ගලයින් 168 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 26 වන දා සිට නිරෝධායන පනත උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 780ක්.

මිට අමතරව පසුගිය මාර්තු 18 වනදා සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු 22,591 ක් පවරා ඇති අතර දඩුවම් නියම කර ඇති සංඛ්‍යාව 9067 ක් බව පොලිසිය නිකුත් කල නිවේදනයේ සඳහන්.