FAST NEWS

24×7 Around the Globe

ඊයේ දිනය තුළ හඳුනා ගත් ආසාදිතයින් ගණන 61ක්

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (28) දිනය තුළ පමණක් වෛරස ආසාදිතයන් 61 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඉන් 35 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල රැදි සිටින පුද්ගලයන් වෙයි.

26 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට ආසාදිතයන් 775 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබු පුද්ගලයන්ගේ සංඛ්‍යාව 745ක් වෙයි.

ඒ අනුව මෙරට කොවිඩ් -19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1530 දක්වා ඉහළ ගොස් තිබේ.