FAST NEWS

24×7 Around the Globe

බෙලරූස් රාජ්‍යයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් – 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරූස් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයන් 274 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

අද (29) අලුයම 12.15 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 1206 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළට ළගාවූ බව සඳහන් වේ.

මින් වැඩි පිරිසක් එරට අධ්‍යාපනය හැදෑරීම සඳහා ගොස් සිටි අය වන අතර පැමිණි සියලු දෙනා ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි යුධ හමුදාව සඳහන් කරයි.