FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ පෙත්සම් 9 වන දිනටත් වැඩිදුර සලකා බලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (29) දිනයේද ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 9 වන දිනයටත් වැඩිදුර සලකා බැලීම සිදු කෙරේ.

පෙරවරු 10.00 ට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී පෙත්සම් වැඩිදුර සළකා බැලීම ආරම්භ වීමට නියමිතයි.

මෙලෙස ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සදහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය හා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලේ.

අද දිනයේදී ඊට අතරමැදි පෙත්සම් ගොණු කල පාර්ශවයන්ගේ නීතීඥවරුන් කරුණු දැක්වීමට නියමිතයි.