FAST NEWS

24×7 Around the Globe

ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තුවක්.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් නිකුත් කළා.

ඒ, අධිකරණය හමුවේ විභාගවන නඩුවකට අද දිනයේ පෙනී නොසිටීම හේතුවෙන්. ඥාණසාර හිමියන්ට අමතරව තවත් හිමිනමක් අත්අඩංගුවට ගන්නා ලෙසද කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ පොලීසියට නියෝග කළා.

කුරානයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සහ කොම්පඤ්ඤ වීදියේ හෝටලයක පැවති ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට කඩාවැදී එහි ලිපි ලේඛණ පැහැරගෙන යෑමේ සිද්ධීන් දෙකකට අදාළව ජාතික බල සේනාව මෙම නඩුව ගොනුකර තිබුණා. මෙම නඩුව ලබන මස 9 වනදා යළි කැඳවනු ඇති.