FAST NEWS

24×7 Around the Globe

මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් කොටහේනේදී අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීමකදී කොටහේන ප්‍රදේශයේ ගබඩාවක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් සොයාගෙන තිබේ.  

එහි තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ළූණු ප්‍රමාණය කිලෝග්‍රෑම් 50,000 ක් පමණ වන අතර එහි වටිනාකම ලක්ෂ 40 ක් පමණ වන බව වාර්තා වෙයි.