FAST NEWS

24×7 Around the Globe

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) පෙරවරුවේ අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි.

අනතුරුව එතුමාගේ දේහය හැටන් නොර්වුඩ් ප්‍රදේශය දක්වා රැගෙන යාමට නියමිතව ඇති අතර එළඹෙන 31 වනදා දේහය පිළිබඳ අවසන් කටයුතු නොර්වුඩ් ක්‍රිඩා පිටියේදී සිදු කෙරෙනු ඇත.

මේ වන විට දේහය එතුමාගේ බත්තරමුලේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.