FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් -19 ප්‍රතිකාර වෙනුවෙන් තවත් රෝහල් දෙකක් යොදාගැනේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  කොවිඩ් -19 ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල සහ හම්බන්තොට පැරණි රෝහල යොදා ගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.   

කොවිඩ් -19 ප්‍රතිකාර ධාරිතාව ඉහළ දැමීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.

එමෙන්ම කුවේට් සිට මෙතෙක් පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ අවසන් කර තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.