FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී මූලික අයිතිවාසිකම් කඩවී නැතැයි නීතිපති දන්වයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය මාර්තු 02 වැනිදා සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරහා ජනාධිපතිවරයා රටේ ජනතාවගේ හෝ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කිසිවක් උල්ලංඝනය කර නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.   

 ඒ, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය සහ ලබන ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අද 06 වන දිනටත් සලකා බැලුණු අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් 08 වන පාර්ලිමේන්තුවට වසර හතරහමාරක් සම්පූර්ණ වූ පසු, එය විසුරුවා හරිනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට හිමිව ඇති බලතල අනුව බවයි.