FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාත තුළ මුඛ ආවරණ භාවිත නොකළ 327කට නඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ බස්නාහිර පළාත තුළ සිදු කළ වැටලීම්වලින් පුද්ගලයින් 373 කට එරෙහිව නඩු පවරා ඇති බව පොලීසිය සඳහන් කළේය. 

මුඛ ආවරණ භාවිත නොකළ 327 ක් සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකළ 46 ක් ඊට ඇතුළත් වෙයි.

එමෙන්ම, කල්තොට පොලිස් බල ප්‍රදේශය තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයන් 28 දෙනෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවන් විම හේතුවෙන් එක් අයෙකුට රුපියල්  7500 බැගින් රුපියල් දෙලක්ෂ දස දහසක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) නියෝග කළේය.