FAST NEWS

24×7 Around the Globe

අගෝස්තු 1 සිට විදේශිකයන්ට ගුවන් තොටුපල විවෘත කිරීමේ යෝජනාවක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගෝස්තු 01 වැනිදා සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කර ඇත.  

බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ( 26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් විය.

සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේය.