FAST NEWS

24×7 Around the Globe

හෙට සිට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දීර්ඝ කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (26) කොළඹ කොටස් වෙළඳපොලේ හුවමාරු කටයුතු යළි ආරම්භ කෙරෙන බව නිවේදනය කර ඇත.  

ඒ අනුව හෙට සිට බල පැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 2.30 දක්වා දීර්ඝ කර තිබේ.

කොටස් වෙළඳපොලේ පූර්ව විවෘත සැසිය පෙරවරු 10.30 සිට 11 දක්වා ක්‍රියාත්මක වන අතර, විවෘත වෙන්දේසිය පෙරවරු 11 ට සිදුකිරීමට නියමිතය.

මේ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය පැය 3 1/2 ක්.

කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු කාලසීමාව පැය 5 ක් වන අතර එය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වායි සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙයි.