FAST NEWS

24×7 Around the Globe

හෙට සිට කොළඹ හෝටල් සහ අවන්හල් විවෘත කරන්න අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක මණ්ඩලයේ අනුමත හා ලියාපදිංචි කොළඹ හෝටල් හා අවන්හල් සඳහා හෙට (24) සිට සිය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි පවසයි.

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදිමින් හෙට සිට එම අංශ සඳහා කොළඹ නගරයේ සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බව ඔහු පැවසුවේය.

අදාළ ආයතන විසින් නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ දැයි සොයා බැලීමට කණ්ඩායම් 6 ක් යොදවන බවද රුවන් විජේමුණි සඳහන් කළේය.