FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයින් 10 දෙනෙකු රෝහල්වලින් යයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ (23) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 07දෙනෙකු නාවික මහ රෝහලින්ද, දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද, එක් නාවික පුද්ගලයෙකු IDH රෝහලින්ද ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

මෙම නාවික හමුදා පුද්ගලයින් 10 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 293ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.