FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝග වැළඳීමේ අවදානම අඩු කරන නව මෘදුකාංගයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව කොරෝනා වෛරසයට එරෙහිව සිදු කෙරෙන ප්‍රතිකාර සේවාවන් වෙනුවෙන් යොදාගත හැකි නව පරිගණක මෘදුකාංගයක් සොයා ගෙන තිබේ.

ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසිනි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගියා සහ වෛද්‍යවරයා අතර ඵලදායී සන්නිවේදනයක් ගොඩනැගීමට මෙම මෘදුකාංගය මගින් පහසුකම් සළසන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙමගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගය වැළඳීමේ අවදානම අඩුකිරීමටද හැකිවන  බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.