FAST NEWS

24×7 Around the Globe

මෙවර පොසොන් පොහොය නිවසට වී වත්පිළිවෙත්වල යෙදෙන්නැයි ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර පොසොන් පොහොය දිනයේ ද නිවසට වී වත්පිළිවෙත්වල යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ පොසොන් පොහොය දින විශේෂ ආගමික වතාවත් පැවැත්වෙන සිද්ධස්ථානවල සිට මාධ්‍ය ආයතන මඟින් සජීවි ආවරණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

එම නිසා වෙසක් පොහොය දින රට පුරා ආගමික වතාවත් ඉටුකළ ආකාරයෙන් මෙවර පොසොන් පොහොය දිනයේ ද ආගමික වතාවත්වල යෙදෙන මෙන් බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය, ඉල්ලීමක් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.