FAST NEWS

24×7 Around the Globe

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන වගකීම උපරිමයෙන් ඉටු කරනවා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමා සතු වගකීම උපරිමයෙන් ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.   

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී බෞද්ධ උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

මෙම කටයුතු සඳහා දක්ෂ, හැකියාව සහිත නිලධාරීන් පත් කර ඇති බවත්, බුද්ධි අංශ ශක්තිමත් කර පූර්ණ බලතල ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී මහා සංඝරත්නය ප්‍රකාශ කළේ කොරෝනා වසංගතයෙන් ජනතාව රැක ගනිමින් ජනාධිපතිවරයා කරන මෙහෙවර ප්‍රශංසනීය බවයි.

මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මල්වතු පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා.