FAST NEWS

24×7 Around the Globe

තරුණියක් බේරා ගැනීමට ගොස් දිවිදුන් තරුණයාගේ අවසන් කටයුතු අද

(ෆාස්ට් නිව්ස් | හැටන්) –  ඉහල කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනීමට තැත් කළ තරුණිය බේරා ගැනීමට ජලාශයට පැන ජීවිතක්ෂයට පත් මුස්ලිම් ජාතික හමිඩ් රිස්වාන් (28) දෙදරු පියාගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතය. 

ඒ ලිදුල ෆාමස්ටන් රත්නගිරිය පොදු සුසාන භුමියේදීයි.

රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විශාල පිරිසක් දේහය තැන්පත් කර ඇති ඔහුගේ මවගේ නිවස වෙත පැමිණ සිටි අතර , තලවකැලේ පොලිසියේ සහ ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරින්ද දේහයට අවසන් ගෞරව දක්වන ලදී.