FAST NEWS

24×7 Around the Globe

නොරොච්චෝලේ සේවකයන් 4 ක් PCR පරීක්ෂණයට

(ෆාස්ට් නිව්ස් | පුත්තලම) –  නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ සේවකයන් 04 දෙනෙකු සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හමුවේ PCR පරීක්ෂණවලට යොමුකර තිබෙන බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන්කර සිටියේය.   

ඒවායෙහි ප්‍රථීඵල අද දිනය තුළ ලැබීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

පරීක්ෂණවලට භාජනය කල සේවකයන් 04 දෙනාගේ ප්‍රථිඵල වාර්තා අනුව ඉදිරි පියවර තීරණය කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.