(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (23) පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම වෙත ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් කැඳවා තිබේ.
තවද පාස්කු ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ මෙරට නිෂ්පාදනය කළ බෝම්බ බව ජනාධිපති කොමිසම හමුවේ හෙළි විය.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජී.වයි. ස්වර්ණකීර්තිසිංහ ඊයේ (22) සාක්ෂි ලබා දුන් අවස්ථාවේදීයි.








