FAST NEWS

24×7 Around the Globe

අම්ෆන් කුණාටුවට හසුවූ ධීවර යාත්‍රාවලට ‘සමුදුර’ නෞකාවේ සහාය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දුනීසියාවේ මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා ඊයේ දින පිටත්ව ගිය නාවික හමුදාවට අයත් සමුදුර නෞකාව අදාල ධීවර යාත්‍රාවන් වෙතට ළගාවී මේ වන විට එම යත්‍රාවන් සමඟ සන්නිවේදන කටයුතු ගොඩනගා ගැනීමට සමත්ව තිබේ. 

තවද ගොඩබිමට යාත්‍රා කරන අතරතුර අදාල ධීවර යාත්‍රාවන් සහ ධීවරයන්ට අවශ්‍ය ආහාර, වෛද්‍යාධාර සහ ඉන්ධන සමුදුර නෞකාව මගින් අවශ්‍ය පරිදි ලබාදීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් සියළුම ධීවර යාත්‍රාවන් ඉදිරියේදී නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.