FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන තවත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා ආසදනය වී පූර්ණ සුවය ලැබූ තවත් නාවික හමුදා සෙබළුන් 13 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇත.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබේ.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.