ෆේස් බුක් පරිශීලකයින්ට නවතම අත් දැකීමක් ගෙන දෙන්නට එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සැළසුම් කර තිබෙනවා.එහි අත්හදා බැලීම අද සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වෙන්නේ.
පසුගිය මාසයේ Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඉගියක් කළා Facebookහි දැනට පවතින Like button එක තව දුරටත් විකාශනය කරන බව.ඒ dislike button එකක් එකතු කිරීමෙන් තොරව කණගාටුව ආදී හැගීම් ප්‍රකාශ කිරීමට ක්‍රමයක් තනමින්.
ඒ අනුව අලුත්ම emoji 6 ක් එකතු කිරීමෙන් මෙම ක්‍රමය හදුන්වාදී තිබෙනවා.මේවා Like විකල්පයට අමතරව පවතින අතර මේ හරහා Facebook භාවිතා කරන්නන්ට පහසුවෙන් ස්නේහය, සිනහව, සතුට, තැති ගැම්ම, දුක සහ තරහ ප්‍රකාශ කරන්නට හැකි වෙනවා.Facebook ට අනුව දැනට මේ අංගය පරීක්ෂණ මට්ටමෙන් වෙළඳ පොළවල් දෙකක පමණක් ආරම්භ වේ.ඒ අනුව දැනට ස්පාඤ්ඤය සහ අයර්ලන්තය යන රටවල් වලට මෙම අංගය ලබා දෙනවා.








