පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව කොළඹ, බේස්ලයින් පාර ප්‍රදේශයේ ඇළක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.
කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් බේස්ලයින් පාර 505 ගරාජය අසළ ඇළක තිබී ඊයේ (08) පස්වරුවේ දී මෙම සිරුර හමු වී ඇත. අදාළ සිරුර වයස අවුරුදු 60පමණ කාන්තාවකගේ බව පොලීසිය පවසයි.
මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාව පිළිබඳ මෙතෙක් කිසිවක් තහවුරු වී නොමැත.







