FAST NEWS

24×7 Around the Globe

පොලිස් – රාජ්‍ය සේවා -දුෂණ මර්දන කොමීසම් පත් කෙරති.

පොලිස් කොමිසම රාජ්‍ය සේවා කොමිසම මානව හිමිකම් කොමිසම සහ දුෂණ මර්දන කොමිසම අද (09) පත් කළා.

එ අද පෙරවරුවේ රැස් වූ ව්‍යවස්ථාදායක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුවයි.

සෙසු ස්වාධීන කොමිසන් සභා 5 නොවැම්බර් 4 වැනිදා පත් කිරීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ.

ව්‍යවස්ථාදායක සභා රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (09)පෙරවරු 10ට ආරම්භ වුණේ ව්‍යස්ථාදායක සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ස්වාධීන කොමිෂන් සභා 9ක් සඳහා සභාපතිවරුන් සහ කොමසාරිස්වරුන් පත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම ඉකුත් 30 වැනිදායින් අවසන් වුණා.

එ් වෙනුවෙන් ලැබී තිබූ අයැදුම්පත් සංඛ්‍යාව 600ක් බවයි වාර්තා වුණේ.