සංචාරක වීසා මත කුවෙට් රැකියා ලබා දීමේ ජාවාරමට සම්බන්ධ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.ගුවන් තොටුපල ඒකකයට අනුබද්ධව සේවය කළ නිලධාරීන් ඊට අයත් බවයි අමාත්‍ය තලතා අතුකෝරළ සඳහන් කළේ.
සංචාරක වීසා යොදා ගනිමින් කුවෙට් රැකියා සඳහා පුද්ගලයින් 11 දෙනෙකු යවා ඇති බව පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා.මෙම නිලධාරීන්ද ඊට සහාය ලබාදී ඇති බවයි තහවුරු වී ඇත්තේ.ඉදිරියේදී මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි අමාත්‍යවරිය පැවසුවේ.
විදේශ රැකියා ජාවාරමට ඒජන්සි ආයතන උප ඒජන්තකරුවන් ද සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙන අතර ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ.







