FAST NEWS

24×7 Around the Globe

කොළඹ හා ගම්පහ හැර දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) අලුයම 5ට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන අතර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කෙරිණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

සෙසු දිස්ත්‍රික්කවලට අද සිට ලබන 23 වන සෙනසුරාදා දක්වා සෑම දිනකම රාත්‍රී 8.00 සිට අලුයම 5.00 තෙක් පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.