FAST NEWS

24×7 Around the Globe

හෙට අලුයම දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ඊයේ (16) රාත්‍රී 8 සිට හෙට (18) අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය බලාත්මකව පවතී.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක වෙත ඊයේ රාත්‍රී 8.00ට ඇඳිරි නීතිය පැනවූ අතර එය හෙට අලුයම 5.00 දක්වා ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි.

සෙසු දිස්ත්‍රික්කවලට හෙට සිට ලබන 23 වන සෙනසුරාදා දක්වා සෑම දිනකම රාත්‍රී 8.00 සිට අලුයම 5.00 තෙක් පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.