FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සෙසු දිස්ත්‍රික්වල ලබන (16) සෙනසුරාදා තෙක් රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙයි.

මැයි 17 ඉරිදා මුළු දවසම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කොළඹ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය මැයි 18 සඳුදා අලුයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 වන සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 5.00 දක්වා පමණයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආර්ථික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙළ ලබන 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි 18 සඳුදා සිට නැවත ඉදිරියට ගෙන යනු ලැබේ.

එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ මීට පෙර නිවේදනවල සඳහන් අදාළ කොන්දේසි නොවෙනස්ව පවතින  බවයි.