FAST NEWS

24×7 Around the Globe

ඩිව්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ඉවත දමයි.

ඡන්දයෙන් පරාජයවූවන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමත් පෙර තිබූ ජාතික ලැයිස්තුව වෙනස් කිරීමත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් හා හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද ඉවත දැමිණි.

පාර්ලිමේන්තුවේ කතානායන යම් යෝජනාවකට අත්සන් තැබීමෙන් පසු එවැනි තිරණයකට එරෙහි වීමට අධිකරණයට බලයක් නැතැයි විනිසුරුවරු කියා සිටියහ.

බුවනෙක අළුවිහාරේ, උපාලි අබේරත්න හා සිසිර ද ආබෘ විනිසුරුවරුන්ගෙන් විනිශ්ච මණ්ඩලය සමන්විත විය.