FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයේදි කොළඹට තරග කළ එජාප අපේක්ෂකයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවති .

පසුගිය මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රෝසි සේනානායක ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගනිමින් මෙම නියෝගය කර තිබෙනවා.මනාප ප්‍රතිඵල නැවත ගණනය කරන ලෙසයි ඇය පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ.

මැතිවරණ කොමසාරිස්වරයා සහ කොළඹ දිස්ත‍්‍රික්කයට තරග කළ එක්සත් ජාතික පක්ෂ සියලු අපේක්ෂකයන් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

ඔවුන් සතියක් ඇතුලත අධිකරණයේ පෙනී සිටිය යුතු බවටයි ශ්‍රේෂ්ඨාකරණය නියම කළේ.දෙසැම්බර් 11 වනදා පෙත්සම යළි කැදවන අතර පෙත්සම විභාග කළේ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.