FAST NEWS

24×7 Around the Globe

මැතිසබේ උණුසුම් වෙයි -පක්ෂ විපක්ෂ මන්ත්‍රී වාග් හුවමාරුවක.

නොසන්සුන්තාවයක් හේතුවෙන් පාර්ලිමේන්තුව මීට සුළු මොහොතකට පෙර විනාඩි 10 කට කල් තැබුණා.

ඒ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා රජයේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු නොලැබීම හේතුවෙන් ඇති වූ තත්ත්වයක් නිසයි.

එහිදී ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති වුණා.

එම නොසන්සුන්තාවත් සමග පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10 ට කල්තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කළා.