FAST NEWS

24×7 Around the Globe

පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමට ඔක්තෝබර් 23 දක්වා පමණයි.

පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් ඔක්තෝබර් 23 වැනිදාට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් අභියාචනාවක් ඉදිරිපත් කළ යුතුය.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සඳහන් කළේ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය අයවලුන් සදහා විදුහල්පතිවරුන් මාර්ගයෙන්

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රතිඵල ඊයේ දිනයේදී අන්තර්ජාලයට මුදාහැර හැරිණ.

මේ අතර කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ඊයේ දිනයේදීම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව විසින් නිකුත් කරනු ලැබිණි. 

සෙසු පාසල්වලට ඊයේ දිනයේම ප්‍රතිඵල තැපැල් මගින් යැවීමට කටයුතු කළ බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

අගෝස්තු 23 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 333,671 පෙනී සිටියේය.