FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ් ශ්‍රී ලංකාව තුළට පොලන්ත ආයෝජකයෝ ගෙන්වා ගැනීමට මග සකසයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පොලන්ත නියෝජ්‍ය විදේශ ඇමති කැට්රිෂ් කැප්පසික් මහතා සහ වානිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා අතර හමුවක් පසුගියදා කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයෙදි පැවැත්විණි.

මෙම සාකච්ජාවේ ප්‍රධාන අරමුණ වී තිබුණේ දෙරට අතර ආර්ථික සබඳකම් වඩ වඩාත් සාධනීය තලයක ගෙන එමයි.

පොලන්ත ආයෝජකයින් සිය ආයෝජන දක්ෂිණ ඉන්දීයාවේ සිදුකරණු ලබන අයුරින්ම ශ්‍රී ලංකාව තුලත් අයෝජන සඳහා ඉඩ ප්‍රස්තාව ලබාගන්නා ලෙස වානිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යවරයා විසින් මෙහිදි පොලන්ත නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාට ආරාධනා කර සිටියේය.

මෙහිදි ඊට ප්‍රතිචාර දක්වමීන් පොලන්ත විදේශ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ විමර්ශනයකින් අනතුරුව කඩිනමීන් ශ්‍රී ලංකාවේ අයෝජන කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බවය.