FAST NEWS

24×7 Around the Globe

මැතිවරණය සඳහා මනාප අංක නිකුත් කිරීමේ සූදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන 12 වන අඟහරුවාදා මෙවර මහ මැතිවරණය සඳහා සන්ධානගතව ඉදිරිපත් වන දේශපාලන පක්ෂවල සුළු පක්ෂ නියෝජිතයින් විශේෂ සාකච්ඡාවෙන් පසු එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කරන අපේක්ෂකයින්ට අදාළ අංක ලබාදීමට නියමිතයි.

පසුගිය සතියේ දී එම අංක ලබාදීමට සැලසුම් කර තිබුණ ද මැතිවරණය සදහා තවත් දීර්ඝ කාලයක් පැවතීමත් රට තුළ පවතින වසංගත තත්ත්වයත් සැලකිල්ලට ගනිමින් එය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.

මැතිවරණයකදී අපේක්ෂකයින් සදහා මනාප අංක ලබාදීම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භය ලෙස සැලකේ.