නව රේගු බදු වටිනාකම් අයකිරීමට අදාළව නිකුත් කර ඇති ගැසට් අංක 1933/16 නිවේදනයට අන්ව මෙරටට ගෙන්වන ජපන් වාහනවල මිළ ලක්ෂ 7 සිට ලක්ෂ 17ඉහළ යා හැකිබව බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
මේ අනුව Toyota Axio රථයක මිල රුපියල් 700,000 කින් පමණ වැඩිවන අතර Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් 770,000 කින් ඉහළ ගොස් තිබෙනවා.
එසේම Toyota Hiace Petrol රථයක රේගු බදු රුපියල් 1,350,000, මෙන්ම Toyota Hiace Diesel රථයක රේගු බදු රුපියල් 1,700,000 වැඩිකර ඇත.
තවද Toyota Premio/Allion මෝටර් රථවල රේගු බදු රුපියල් 6,75,000 වැඩිකර තිබෙන බවත් Toyota Prius මෝටර් රථවල රේගු බදු 1,150,000 වැඩිකරඇති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මේ අතර, Toyota Harrier රථයක රේගු බදු රුපියල් 1,150,000 වැඩිකර තිබෙන අතර Mitsubishi Out lander රථයක රේගු බදු රුපියල් 850,000 වැඩිකර තිබෙනවා.
මිට්ෂුබිසි අවුට් ලෑන්ඩ් රථයක් සඳහා 852000 අමතර බද්දක් එකතු වනවා.






