FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 47,800 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – අද (07) උදෑසන 6.00 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 630 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එමෙන්ම එම කාලය තුළ වාහන 209ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඇඳිරි නීතිය පැනවූ ඉකුත් මාර්තු 20 වැනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ සමස්ත පුද්ගලයින් ගණන 47,866ක් වන අතර පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන ගණන 12,448ක්.