FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඩොලර් මිලියන 25 ක ණයක්

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හමුවේ රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඖෂධ සැපයුම් මිළට ගැනීම සඳහා ඩොලර් මිලියන 25 ක ණය මුදලක් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකගවී තිබේ.

එම මුදල වෙන් කිරීමට නියමිතව ඇත්තේ ශල්‍ය මුව ආවරණ, සිරුරු ආවරණ ඇතුලු වෛද්‍ය උපකරණ මිළට ගැනීමට බව සඳහන්

ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ මිලට ගැනීම වෙනුවෙන්ද මෙම මුදල් යෙදවීමට නියමිත බවයි.