FAST NEWS

24×7 Around the Globe

ඩුබායි සිටි ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන එයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (07) පෙරවරුවේ නව කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 197 දෙනෙකු දිවයිනට පැමිණියේය.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 226 දරන විශේෂ ගුවන් යානයෙන් පෙරවරු 06.20 ට එම පිරිස දිවයිනට පැමිණි බවයි.

එලෙස පැමිණි සියලූ දෙනා ගුවන් හමුදාව විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීම විෂබීජහරණයට ලක් කර ඇත.

ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ද ගුවන් තොටුපලේදීම සිදු කර තිබේ.

ඩුබායි සිට පැමිණි එම ශී‍්‍ර ලාංකිකයින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට යුධ හමුදාව කටයුතු කර ඇත.