FAST NEWS

24×7 Around the Globe

මෙවර වෙසක් උත්සවයට සිරකරුවන් පිරිසකට නිදහස

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර වෙසක් උත්සවයට සමගාමීව සිරකරුවන් 290 දෙනෙකුට නිදහස පිරිනැමෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපති පොදු සමාව යටතේ ඉන් 228 දෙනෙකුට අද දිනයේදී නිදහස හිමිවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී එම් ඩබ්ලිව් තෙන්නකෝන් පවසා තිබේ.

වයස අවුරුදු 65 ට වැඩි රැඳවියන්, දඩ මුදල් ගෙවා ගත නොහැකිවූ රැඳවියන් මෙන්ම වසරකට හිමිවන නිවාඩු ගණන පදනම් කරගෙන නිදහස හිමිවන රැඳවියන්ද ඒ අතර වේ.

එමෙන්ම යහපත් කල් ක්‍රියාව පදනම් කරගනිමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්ද ගතවු දින 3 තුළදී තවත් රැඳවියන් 62 දෙනෙකු නිදහස් කල බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී එම් ඩබ්ලිව් තෙන්නකෝන් ප්‍රකාශ කළේය.

වෙසක් දිනයට සමගාමීව සාමාන්‍ය ක්‍රමවේදය යටතේ එම පිරිසට නිදහස දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේය.